තිරිඟු පිටි,අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට ප්‍රකාශ කරමින් නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

එයට අදාළ ගැසට් නිවේදනය වෙළද වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා විසින් නිකුත් කර ඇති බව සඳහන්.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතට අනුව පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රීයේ සිට මෙලෙස තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට ගැසට් කර තිබෙනවා.

වෙළෙඳපොළ තුළ තිරිඟු පිටි මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර තිරිගු පිටි මිල සංශෝධනය වන්නේ නම් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ලබන 21 වනදා වන විට පහල දැමිය හැකි බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසනවා .

WhatsApp Group

Skip to content