ශ්රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක, ප්රගතිය සහ ඉදිරි ක්රියාකාරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් නියෝජ්ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා (05) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
තිරසර සංවර්ධන සභාවේ අධ්යක්ෂ ජනරාල් නීතිඥ චමින්ද්රි සපරමාදු මහත්මිය විසින් අදාළ දැනුවත් කිරීම් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හට ලබා දුන්නාය.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ රට තුළ සංවර්ධන ව්යාපෘති ක්රියාත්මක කිරීමේදී ඊට එරෙහිව ගෙන යන ප්රචාර හේතුවෙන් සමස්ත සංවර්ධන ක්රියාවලියට බලපෑම් එල්ල විය හැකි බවයි.
එබැවින් නිසි කළමනාකරණයක් යටතේ සංවර්ධන ව්යාපෘති සිදුකිරීමේ අවශ්යතාවය නියෝජ්ය කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය.

WhatsApp Group

Skip to content