තිරසර හා තරගාකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

බලශක්ති පරිවර්තනයේ ඉදිරි ගමන්මග මැයෙන් කොළඹදී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙරට පුනර්ජනනීය බලශක්තිය ප්‍රයෝජනයට ගැනීම සහ හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනයේ ඉදිරි ප්‍රවණතා සොයා බැලෙන පුළුල් සැලැස්මක අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම හරිත බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රගතිය වෙනුවෙන් ජාත්‍යන්තර විශේෂඥ දැනුම සහ ආයෝජන අපේක්ෂා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සදහන් කළා.

WhatsApp Group

Skip to content