කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු අද දිනය තුළ ද සිදුකෙරනවා.

අද රජයේ නිවාඩු දිනයක් වුවද තැපැල් සේවකයින් රාජකාරි කටයුතු සිදුකිරීමට එකගතාව පළකර තිබුණා.

ඒ අනුව අලුත් අවුරුදු සමයේ ප්‍රමාදයකින් තොරව භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදුකෙරන බවයි තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මධ්‍යම තැපැල් හුවමාරුවට අලුත් අවුරුදු සමයේ ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් ලැබී ඇත්තේ මේ වසරේයි.

WhatsApp Group

Skip to content