සේවක හිඟය, උසස්වීම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද දිනයේදී ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා.
අද මධ්‍යම රාත්‍රී 12 සිට හෙට මධ්‍යම රාත්‍රී 12 වනතෙක් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි එම පෙරමුණේ කැඳවුම්කරු, චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ.
මේ අතර අද දිනයේදී මහජන පෙත්සමක් අත්සන් කිරීමට කටයුතු කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අනුරාධ ප්‍රනාන්දු මහතා සහ වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉංජිනේරු කපිල පෙරේරා මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content