තැපැල් සේවා කටයුතු හෙට දිනය වන විට යථා තත්ත්වයට පත් වනු ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා.

එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සදහන් කළේ තැපැල් භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.

නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල පුද්ගලික අංශයට ලබා දීමට එරෙහිව තැපැල් සේවකයින් පැය 48 ක සංකේත වැඩවර්ජනයක නිරත වුණා.

මේ හේතුවෙන් තැපැල් සේවා කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වූ අතර තැපැල් භාණ්ඩ රැසක් බෙදාහැරීමට නොහැකිව තිබුණා.

කෙසේ වෙතත් තැපැල් සේවකයින්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණු අතර රජය ලබාදෙන තීරණ අනුව ඉදිරියට කටයුතු කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සදහන් කළේ

WhatsApp Group

Skip to content