තැපැල් සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව ඊයේ දිනයේ සිට තැපැල් සේවය අත්‍යාවශ්‍ය සේවයක් ලෙස ක්‍රියාත්මක වනවා.

මීට පෙර වරාය, ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් මෙන්ම ඉන්ධන සැපයීම සහ විදුලි සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදන නිකුත් කර තිබුණා.

WhatsApp Group

Skip to content