තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සමානව සැකසූ ව්‍යාජ වෙබ් අඩවි 5ක් අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

මෙම ව්‍යාජ වෙබ් අඩවි තුළට පිවිස මුදල් වංචා කළ සිද්ධින් 35 ක් අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම, දේශීය හෝ විදේශීය පාර්සල් ලැබෙනු ඇති බවට දන්වා ශ්‍රී ලංකා තැපෑල විසින් කිසිදු කෙටි පණිවුඩයක් ගණුදෙනුකරුවන් වෙත යැවීමක් සිදුකර නොමැති බවයි තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

WhatsApp Group

Skip to content