තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සදහා වූ නව පනත මෙම වසර අවසාන වීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

දැනට පවතින තැපැල් ආඥා පනත මගින් තැපෑල නව්‍යකරණයට බාධා පැවතීම හේතුවෙන් කඩිනමින් එය සංශෝධනය කිරීමට තීරණය කර ඇති අතර එහි කටයුතු මේ වන විටත් සියයට 80 කින් පමණ අවසන් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

“ස්ථාවර රටකට – සැවොම එක මගකට” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මෙම අදහස් දැක්වීම සිදු කළා.

https://www.vnews.lk/storage/2023/07/SHANTHA-BANDARA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content