තැපැල් ඡන්දය භාවිත කිරීමට ඉහළ අගයක පවතින බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ගෙවුණු දින තුනේදී තැපැල් ඡන්ද සියයට 80කට වැඩි පිරිසක් භාවිත කර ඇති බවයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය තැපැල්පතිවරයා මේ බව ප්‍රකාශ කළා.

මේ අතර මෙතෙක් තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට ලබන 11 සහ 12 යන දින දෙක තුළ ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා ඇති බවයි.

WhatsApp Group

Skip to content