පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කෙරුණු තැපැල් ඡන්ද අයදුම්පත් 36,000ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා .

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඔහු මෙම අදහස් පලකලේ .

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම නියමිත පරිදි මේ මස 22, 23 සහ 24 යන දිනවලදි සිදුකළ හැකි බවයි .

https://www.vnews.lk/storage/2023/02/SAMAN-SRI-EDIT-.mp3?_=1

මේ අතර ඊයේ දිනයේදීත් පැවැත්වීමට නියමිත මැතිවරණය මැතිවරණය සම්බන්ධ විවිධ අදහස් පල වුණා .

මේ එලෙස අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ,සමගි ජන බලවේග පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති / හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් .

https://www.vnews.lk/storage/2023/02/MIX-EDIT-1-2.mp3?_=2

WhatsApp Group

Skip to content