පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රි 12 න් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසනවා.

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම පසුගිය පළමු වනදා සිට 08 වනදා දක්වා සිදු කෙරුණා.

කෙසේවෙතත් මැතිවරණය කොමිසම විසින් අදාළ කාලය අද මධ්‍යම රාත්‍රි 12 දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබුණා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ මෙතෙක් තැපැල් ඡන්ද අයදුම්පත් භාර නොදුන් රාජ්‍ය සේවකයින් ඔවුන් රාජකාරී සිදුකරන ආයතන ප්‍රධානියා මගින් සහතික කළ අයදුම්පත් නිවස පිහිටි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරියා වෙත අද දිනය තුළ ලබා දිය යුතු බවයි.

WhatsApp Group

Skip to content