පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා තිබෙනවා.

තැපැල් ජන්ද විමසීම ලබන 22, 23 24 සහ 28 වනදා පැවැත්වීමටයි නියමිතව තිබුනේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද දහවල් නිවේදනය කළේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින පසුවට දැනුම්දෙන බවයි.

එකඟව තිබූ පරිදි රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනවලදී මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කලේ.

WhatsApp Group

Skip to content