ජාඇල – මාකේවිට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එම වෙඩිතැබීමෙන් 43 හැවිරිදි කඩවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
තුවාලකරු මේ වනවිට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරුවන් පළාගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර තවත් වෙඩිතැබීමේ සිද්ධියක් ගම්පහ තම්මිට ප්‍රදේශයේ සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර තවත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සදහන් කලේ .

මෙම වෙඩි තැබීමද ඊයේ රාත්‍රියේ සිදුව තිබුනා.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුව ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content