‘අපගේ සන්නද්ධ හමුදාවන් දේශසීමා ආරක්‍ෂාව සම්බන්ධයෙන් සහ දේශසීමා හරහා සිදුවන තැනැත්තන් වෙළඳාම් වැළැක්වීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබයි. තවද, තැනැත්තන් වෙළඳාම නිසා පීඩාවට පත්වන්නන් පුනරුත්ථාපනය කිරීමේ සහ නැවත සමාජගත කිරීමේ වැඩසටහන් සඳහා සන්නද්ධ හමුදාවන්ගෙන් ලැබෙන මැදිහත්වීම මෙරට මිනිස් ජාවාරම් විරෝධී ක්‍රියාවලියේ තීරණාත්මක සාධකයකි.

ආරක්‍ෂක ලේකම් සහ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න ජුනි 07 දින කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා පවත්වන ලද මිනිස් ජාවාරම් පිටුදැකීම පිළිබඳ පුහුණු සැසියේ ආරම්භක දේශනය පවත්වමින් මෙම අදහස් පළ කළේය.

‘මිනිස් ජාවාරම්කරුවන්ගේ ජාලයන් ලුහුබැඳීම සහ විනාශ කිරීම සඳහා හමුදා බුද්ධි අංශ සහ අනෙකුත් ආයතන අතර අන්තර් සහයෝගීතාව අතිශයින් වැදගත් වේ. අඛණ්ඩ සුපරීක්‍ෂාකාරිත්වය සහ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම මෙම ජාවාරම්කරුවන්ට එරෙහිව අප සිදු කරන සටනේ සාර්ථකත්වයට විශාල අයුරින් බලපානු ලබයි ’ යනුවෙන් ජෙනරල් ගුණරත්න වැඩිදුරටත් පැවසීය.
2021-2025 කාලසීමාව සඳහා ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළඳාම නිරීක්ෂණය කිරීම සහ ඒවාට එරෙහිව සටන් කිරීම සඳහා වන ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්මේ අනිවාර්ය අංගයක් ලෙස මෙම පුහුණු සැසිය පවත්වන ලදි.

මෙම නොනවතින ප්‍රශ්නයට එරෙහිව ඵලදායි ලෙස සටන් කිරීම සඳහා තීරණාත්මක සාධකයක් වන තැනැත්තන් වෙළඳාම සහ ඊට අදාල ක්‍රියාකාරකම් වලට ආමන්ත්‍රණය කරන දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ වගන්ති සහ ජාත්‍යන්තර නීති රාමු පිලිබඳ අවබෝධ කර ගැනීමට මෙම සැසිය තුලින් සහභාගීවූවන්ට ඵලදායි වේදිකාවක් සැපයීය.

WhatsApp Group

Skip to content