තුර්කියේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම අනතුරින් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම රාත්‍රී සමාජශාලා කළමනාකරු සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වගකිවයුතු පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයන් 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content