චීනය විසින් සිදුකළ යුද අභ්‍යාසය අතරතුර චීන යුද ගුවන් යානා 40කට වැඩි සංඛ්‍යාවක් සිය ගුවන් ආරක්ෂක කලාපය හරහා ගමන් කළ බවට තායිවානය චෝදනා කරනවා.

මෙම ක්‍රියාව ප්‍රකෝපකාරී ක්‍රියාවක් ලෙස හදුන්වන තායිවානය පවසන්නේ චීනය සිය රටේ මැතිවරණය ක්‍රියාවලියට බලපෑම් සිදුකරමින් සිටින බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රබල අපේක්ෂකයකු වන වත්මන් තායිවාන උප ජනාධිපති විලියම් ලායිගේ අමෙරිකානු සංචාරයට විරෝධය පළ කරමින් චීනය, තායිවානය ආශ්‍රිත මුහුදු ප්‍රදේශය තුළ ඊයේ මෙම යුද අභ්‍යාසය ආරම්භ කර තිබුණා.

මේ පිළිබඳ අදහස් දක්වමින් තායිවාන විදේශ අමාත්‍ය ජෝශප් වූ ප්‍රකාශ කර ඇත්තේ රටේ ජාතික මැතිවරණ සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ ජනතාව මිස අසල්වැසි රටවල් නොවන බවයි.

WhatsApp Group

Skip to content