තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් ඍජු ගුවන් ගමන් සේවාවක් ඊයේ රාත්‍රියේ සිට ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව එයාර් ඒෂියා ගුවන් සේවයේ ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ රාත්‍රී 10.10ට තායිලන්තයේ දොන් මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

මෙම ගුවන් යානයෙන් ගුවන් මගීන් 134 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 07 දෙනෙකු ද පැමිණ සිටි අතර ගුවන් යානය ආපසු ගුවන් මගීන් 174 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළෙන් රැගෙන තායිලන්තය බලා පිටත්ව ගියා.

තායිලන්තයේ දොන් මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට එම යානය කටුනායක ගුවන් තොටුපල වෙත නැවත පැමිණ තිබෙනවා.

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් වාර 4 ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි ජී.ඒ. චන්ද්‍රසිරි මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/07/G.A.CHANDRASIRI-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content