ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනත, සත්ව රෝග පනත සහ රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ හතලිහක් පමණ වටිනා ජීවී සතුන් 88 දෙනෙකු සමග තරුණ ව්‍යාපාරික යුවළක්  කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි මෙම තරුණ ව්‍යාපාරික යුවළක තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන්තො ටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී මෙලෙස  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ වාතාස්‍රය ලැබෙන පරිදි සකස් කළ කුඩා ප්ලාස්ටික් පෙට්ටි තුළ ඉබ්බන් ,ගෙම්බන් , මාලු , ඉත්තෑවන් , ලේනුන් , කැස්බෑවන් , කටුස්සන් , හැම්ස්ටර් , සැලමැන්ඩා , පණුවන් විශේෂයක් සහ මීයන් අසුරා ගෙන පැමිණ තිබුණා.

මෙම ජීවී සතුන් තොගය තායිලන්තයේ බැංකොක් නුවර ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ගේ හෝ රේගු නිලධාරීන්ගේ ඇස නොගැටීම ගැටළුවක් බව කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පැවසුවා.

WhatsApp Group

Skip to content