වැල්ලම්පිටිය වේරගොඩ ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් තුවාල ලැබූ සිසුවියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ තවත් සිසුන් හය දෙනෙක් පමණ රෝහල්ගත කර ඇති බවට වාර්තා වන්නේ.

එලෙස තුවාල ලැබූ සිසුන්ගෙන් දෙදෙනෙක් ගැහැනු ළමුන් වන අතර සෙසු සිව් දෙනා පිරිමි ළමුන් වනවා.

එලෙස තුවාල ලැබූ ළමුන් අතරින් පස් දෙනෙක් කොළඹ ජාතික රෝහලේත් අනෙක් සිසුවා ළමා රෝහලේත් ප්‍රතිකාර ලබනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු හයක් පමණ වූ 1 වසරේ ඉගෙනුම ලබමින් සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ෂෙහන්සා නෙත්සරණි නමැති දැරියකි.

වේරගොඩ කනිස්ඨ විද්‍යාලයේ ජල කරාමය සවිකර තිබූ කෙන්ක්‍රීට් කණුවක් කඩා වැටීමෙන් මෙම අනතුරව සිදුව ඇති බවයි V News වාර්තාකරු කියා සිටියේ.

මියගිය දැරියගේ උපන් දිනයට අද දිනට යෙදී තිබෙන බවයි ඇයගේ පවුලේ ඥාතීන් පවසන්නේ.

වැල්ලම්පිටිය, වේරගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයා අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ විවේක කාලයේදී ජලය ලබා ගැනීමේ අවස්ථාව සදහා සිසුන් පිරිස ජල කරාමය සහිත තාප්පය අසලට පැමිණිමෙන් මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි.

කෙසේ වෙතත් ගම්වැසියන් පිරිසක් විසින් ජල කරාමය සවි කර තිබූ තාප්පය කඩාවැටීමෙන් දැරියක් මියයාමේ සිද්ධිය මූලික කරගනිමින් අදාළ පාසලේ විදුහල්පතිවරයාට පහර දී තිබෙනවා.

මේ වන විට එම විදුහල්පතිවරයා අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු කියා සිටියේ.

 

WhatsApp Group

Skip to content