අමෙරිකාව සහ බටහිර මෙන්ම යුරෝපානු රටවල් කිහිපයක්ම මේවනවිට චීනයේ තාක්ෂණික උපාංග අලෙවි සමාගම් සමග සිදුකරන ගනුදෙනු අත්හිටුවා තිබෙනවා.

ඒ ජාතික ආරක්ෂාව සහ චීනය ඔත්තු බලන බවට අනාවරණ වීම හේතුවෙන්.

ඒ අනුව චීනය සෞදි අරාබිය, කටාරය සහ අනෙකුත් මැදපෙරදිග රටවල සිය ඩිජිටල් සහ ආරක්ෂක උපාංග අලෙවි සමාගම් ස්ථාපිත කිරීමේ උත්සහයක නිරත වී සිටින බව සදහන්.

ඒ අනුව කටාරයේ අමාත්‍යාංශ සදහා චීන සමාගම්වලින් සී සී ටීවී පද්ධතිය මිලදී ගැනීමට සූදානම් වන බව එම වාර්තා අනාවරණ කළා.

එමෙන්ම කටාරයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය චීන තාක්ෂණික සමාගමක් හරහා මුහුණු හදුනා ගැනීමේ තාක්ෂණික උපකරණ මිලදී ගැනීමේ ගනුදෙනුවකටද එළඹ තිබෙනවා.

ඊට අමතරව චීන සමාගම් කටාරය සහ සෞවුදියේ හමුදාමය අරමුණු වෙනුවෙන්, වීඩියෝ තාක්ෂණය මගින් ඔත්තු බැලීමේ උපකරණ සපයන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

WhatsApp Group

Skip to content