මෙටා සමාගම විසින් හඳුන්වා දුන් ත්‍රෙඩ්ස් නමැති ජංගම දුරකථන යෙදවුම සඳහා පළමු දිනයේදී කෝටි 03 කට ආසන්න පරිශීලකයන් පිරිසක් සම්බන්ධ වී තිබෙනවා.

පළමු පැය 07 ඇතුළත පමණක් කෝටි 10 ක පිරිසක් ලියාපදිංචි ඇති බවයි මෙටා සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් තහවුරු කර ඇත්තේ.

ලොව ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක්ට අයත් ට්විටර් යෙදවුමට සමාන විශේෂාංග ඇතිව ත්‍රෙඩ්ස් යෙදවුම නිර්මාණය කර තිබෙනවා.

කෙසේවෙතත් නියාමන රෙගුලාසි හේතුවෙන් යුරෝපා සංගමයට අයත් රටවල තවමත් ත්‍රෙඩ්ස් යෙදවුම බාගත කිරීමේ අවස්ථාව නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content