පූූූූූනාගල  සිට කොස්ලන්ද දක්වා ළමුන් ප්‍රවාහනය කරමින් තිබු ත්‍රි ‌රෝද රථයක්  අද දින (30)  කොස්ලන්ද දෙමළ මහා විදුහල ආසන්නයේදී බස් රථයක පිටුපස හැපී නැවත අඩි තිහක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් පාසල් දරුවන් පස් දෙනෙකු සහ ත්‍රි ‌රෝද රථ රියදුරු තුවාල ලබා කොස්ලන්ද දිසා රෝහලට ඇතුළත් කළ බව කොස්ලන්ද පොලීසිය පවසනවා.

ත්‍රී රෝද රථය අධික වේගයෙන් ධාවනය කිරීම නිසා රථය පාලනය කිරීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇතැයි කොස්ලන්ද පොලීසියේ රථවාහන අංශය පවසනවා.

පුනාගල සිට ළමුන් අධික ප්‍රමාණයක් පටවාගෙන කොස්ලන්ද ට පැමිණ දරුවත් කොටසක් කොස්ලන්ද නගරය ආසන්නයේ බස්සවා කොටසක් ත්‍රී රෝද රථයේ නංවාගෙන යන අතරතුර ඉදිරියෙන් ගිය බස් රථයක පිටුපස හැපි බෝක්කු කණුවක්ද කඩාගෙන ත්‍රී රෝද රථය ප්‍රපාතයකට පෙරලී තිබෙනවා.

ප්‍රධාන මාර්ග කොටසේ දී දරුවත් කොටස් දෙකකට ප්‍රවාහනය කරනුයේ පොලිසියට හසු වන නිසා බව පාසල් ළමුන් අප වෙත පැවසුවා.

අනතුරින් ත්‍රී රෝද රථය පොඩි පට්ටම වී තිබුණද වාසනාවකට මෙන් තුවාලකරුවන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව පොලීසිය පවසනවා. කොස්ලන්ද පොලිසිය මේ පිළිබද පරීක්ෂණ පවත්වනවා.

WhatsApp Group

Skip to content