එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් රථයේ ගමන් ගත් කුඩා ළමයෙකු ඇතුළු සිව්දෙනෙක් බරපතල තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත යොමු කර ඇති බව මස්කෙළිය පොලිසිය පවසනවා.

මස්කෙළිය නෝටන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ හපුගස්තැන්න ප්‍රදේශයේදී අද(09) පස්වරු 3ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙලෙස ‍අනතුරට ලක්ව ඇත්තේ මස්කෙළියේ සිට නෝටන් බ්‍රිජ් ටෙබර්ටන් දක්වා ඒකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක්.

තුවාලකරුවන් මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවත් ඒම පිරිස නෝටන්බ්‍රිජ් ටෙබර්ටන් දක්වා ධාවනය කරන අවස්ථාවේ මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

තුවාලකරුවන් අතර වයස අවුරුදු තුනක කුඩා ළමයෙකුද සිටින බවයි වාර්තා වන්නේ.

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරෙන් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බවත් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන මස්කෙළිය පොලිසිය කියා සිටියා.

WhatsApp Group

Skip to content