ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ රැඳවියෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී අද(06) මියගොස් තිබෙනවා.

ත්‍රිකුණාමලය පොලිසිය පැවසුවේ රැඳවියන් දෙදෙනෙකු අතර පසුගිය 2 වනදා ඇති වූ ගැටුමක් හේතුවෙන් එක් රැඳවියෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටි බවයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ ත්‍රීකුණාමලය, කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පෙබරවාරි මස 2 වනදා සිදු වූ පහරදීමකින් හිසට සිදු වූ ප්‍රහාර හේතුවෙන් තුවාලකරු ත්‍රීකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒ්කකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මරණයට පත්ව තිබෙනවා.

 

WhatsApp Group

Skip to content