මෙරට ත්‍රිවිධ හමුදා රාජකාරියේ නියුතු මුස්ලිම් සාමාජිකයින්ට හජ් වන්දනාව සඳහා නොමිලේ අවස්ථාව සලසා දීමට සෞදි අරාබි රජය පියවර ගෙන තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව මෙරට සෞදි අරාබි තානාපති, කලිඩ් හමඩ් අල්කතානි මහතාගේ මැදිහත්වීමෙන් මෙම අවස්ථාව හිමිව ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ,

රාජ්‍ය අමාත්‍යවරයා කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් සෞදි අරාබි තානාපතිවරයා එරට රජයේ අනුග්‍රහය ඇතිව වාර්ෂික හජ් වන්දනාව සඳහා විශේෂ අවස්ථා පහක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා.

මේ අතර, හජ්ජි උත්සවය 17 වැනි සඳුදා සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කලා.

WhatsApp Group

Skip to content