මෙරට තුළ ධාවනය වන ත්‍රිරෝද රථ මිලියන 1.2 කට ආසන්න සංඛ්‍යාවක් සදහා පරිසර හිතකාමි සහ සහනදායි විසදුමක් හදුන්වා දීමට ලංකා ඊ-මොබිලිටි සොලියුෂන් පුද්ගලික සමාගම පියවර ගෙන තිබෙනවා.

ඊ-වීල් ලෙස නම් කර ඇති මෙම තීරෝද රථය බැටරි මාරු කිරීමේ තාක්ෂණයෙන් සමන්විත බවටයි එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ.

මේ අනුව මින් ඉදිරියට ත්‍රීරෝද රථ හිමියන්ට අධික මුදලක් වැය කරමින් බැටරි මිලදී ගැනීමට හෝ ඒවායේ ආයු කාලය අවසන් වීමේ  ගැටලුවට මුහුණ දීමට සිදු නොවන බවටයි ඒ මහතා සදහන් කළේ.

විදුලි බලයෙන් ධාවනය වන වාහනයක වියදම් අධිකම කොටස වන්නේ බැටරිය වන අතර මෙම නව ක්‍රමවේදය මගින් බැටරි මාරු කිරීමේ මධ්‍යස්ථානවල හිමිකාරිත්වය ද ලංකා ඊ-මොබිලිටි සමාගම සතු වනවා.

ඊ-වීල් ත්‍රිරෝද රථයේ එකම මූල්‍ය හා ලීසිං සහකරු බවට පත්ව ඇත්තේ පීපල්ස් ලීසින් සහ ෆයිනෑන්ස් සමාගමයි.

WhatsApp Group

Skip to content