සෝයා බෝංචි සහ බඩ ඉරිගු මෙටි්‍රක් ටොන් 4700ක් ත්‍රිපෝෂ සමාගම වෙත භාර දී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේයි මෙම සෝයා බෝංචි සහ බඩ ඉරිගු තොගය ලබා දී ඇත්තේ.

ත්‍රිපෝෂ වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ජාත්‍යන්තර සංවර්ධනය සදහා වු එක්සත් ජනපද නියෝජිත ආයතනය මගින් මෙම ප්‍රදානය සිදුකර තිබෙනවා.

ඊට අදාළ නිල උත්සවට ත්‍රිපෝෂ සමාගමේදී පැවැති අතර ඒ සදහා එක්සත් ජනපද නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ ඇස්ටා සින්බෝ මහත්මිය ද එක්ව සිටියා.

WhatsApp Group

Skip to content