වසර 600 කට වඩා පැරණි ත්‍රිකුණාමලය වේරුගලම්පදි ශ්‍රී සිත්තිර වේලයුදර් ස්වාමි කෝවිල ප්‍රතිසංස්කරණය කිරීම හා ගංවතුර පාලන ආරක්ෂණ ව්‍යාපෘතියට අදාළ කරුණු සාකච්ඡා කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම කෝවිල් පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි.කෝවිල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දීය රජයෙන් මුදල් ආධාර ලබා ගැනීමට ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට දන්වන බවත්, කෝවිල ගංවතුරට යටවන ස්ථානයේ ආරක්ෂක බැම්මක් සැකසීම සඳහා ඉන්දීය ආධාර ලබා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එසේම කෝවිලේ ඇති පැරණි දේව රූප පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන බවද විදුර වික්‍රමනායක මහතා එහිදී ප්‍රකාශ කර සිටියේය.

WhatsApp Group

Skip to content