ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව ත්‍රිකුණාමලයමොල්ලිපොතාන ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ ග්‍රෑමයකට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු  දින (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරුණා. 

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝකණ්ණ ආයතනය සහ ශ්‍රී ලංකා නාවික නෞකා පැරකුම්බා යන ආයතනයන් ත්‍රිකුණාමලය, පොලීසිය හා එක්ව 01 දින ත්‍රිකුණාමලය, මොල්ලිපොතාන ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු පුද්ගලයෙකු පරීක්‍ෂාවට ලක්කරන ලදී. එහිදීඑම පුද්ගලයා විසින් අලෙවි කිරීම සඳහා රැගෙන යමින් තිබූ කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 90 ක පමණ ප්‍රමාණයක් සමඟ එම සැකකරු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණා. 

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 53 ක් වන තඹලගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු සතුව තිබූ කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 90 ක පමණ  ප්‍රමාණය තඹලගමුව පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරුණා.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා ප්‍රමාණයේ දළ වීථි වටිනාකම රුපියල් 627,000.00 ක් පමණ වෙතැයි විශ්වාස කරනවා. 

WhatsApp Group

Skip to content