ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්යන්තය සංවර්ධන සැලසුම සහ එම වැඩපිළිවෙලේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්‍යන්ත සමාගමේ කළමනාකාරීත්වය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙනුයි අදාළ සාකච්ඡා පවත්වා ඇත්තේ.

මෙම සමාගම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා ඉන්දියානු ඉන්ධන සමාගමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන අතර එහි තෙල් ටැංකි 61 ක් අන්තර්ගත වනවා.

මෙම සාකච්ඡාවට අනුව ටැංකි 61හි ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට, නල මාර්ග පද්ධතිය සැලසුම් කිරීමට හා අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධන කිරීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම රටේ අවශ්‍යතාවය මෙන්ම අපනයන කටයුතු වෙනුවෙන් ඉන්ධන ගබඩාකිරීම සඳහා ටැංකි සංවර්ධනය කිරීම සිදු කිරීම අදියර කිහිපයක් ඔස්සේ සිදු කිරීමටද අපේක්ෂිතයි.

WhatsApp Group

Skip to content