ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් විසින් ත්‍රිකුණාමලයේ සාම්පුර් සූර්යය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

සාම්පූර් බලාගාරය ඉදිකිරීමට තිබු ස්ථානයේම මෙගාවොට් 135ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් අදියර 2කින් ක්‍රියාත්මක කිරීමට එකඟතාවයකට පැමිණ ඇති බව සඳහන්.

පළමු අදියර ලෙස ඩොලර් මිලියන 42.5ක ආයෝජනයක් යටතේ මොගවොට් 50ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සහ ඩොලර් මිලියන 23.6ක වියදමකින් සාම්පූර් සිට කප්පල්තුරේ දක්වා කිලෝවෝට් 220ක සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීමට නියමිතයි.

මෙම අදියර 2024 සිට 2025 දක්වා වසර 2කින් නිම කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

දෙවන අදියර ලෙස ඩොලර් මිලියන 72ක ආයෝජනයක් යටතේ අතිරේක මෙගවොට් 85ක ධාරිතාවයකින් යුත් සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමට නියමිත බව සඳහන්.

අදියර දෙක යටතේ ජනනය කරන විදුලිය බෙදා හැරීමට ඩොලර් මිලියන 42ක් වැයකර කප්පල්තුරේ සිට හබරන දක්වා කිලෝවෝල්ට් 220ක ධාරිතාවයක් සහිත කිලෝමීටර් 76ක දිගින් යුත් සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීමට ද සැලසුම් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content