ත්‍රස්ථවාදය වැලැක්වීමේ නව පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

හෙට දිනයේ සිට අධිකරණ නිවාඩු බැවින් මෙම පනත් කෙටුම් පතට එරෙහිව කුමන පාර්ශවයකට හෝ අධිකරණයට යෑමට ඇති හැකියාව බාධාවක් වන බැවින් මෙම තීරණය ගත් බව අප කළ විමසීමකදී අමාත්‍යවරයා සදහන් කළා.

එමෙන් මෙම පනත අද දිනයේ ඉදිරිපත් නොකර වෙනත් දිනයක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස නීතීඥවරුන්ද ඉල්ලීමක් කළ බවත්, ඒ ඉල්ලීමද මෙම තීරණය ගැනීමට හේතු වූ බවත් අධිකරණ ඇමතිවරයා පැවසුවා.

ඒ අනුව මීලග පාර්ලිමේන්තු රැස්වීම් වාරය ආරම්භ කෙරෙන දිනයේ ත්‍රස්ථවාදය වැලැක්වීමේ නව පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් සදහන් කළා.

WhatsApp Group

Skip to content