මෙරටට ගෙන්වීමට තහනම් කර ඇති කෘෂි රසායනික ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.

දිවුලපිටිය පොලිසිය විසින් දිවුලපිටිය නගරයේ කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ.

පලිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ අනුමැතිය නොමැතිව හා මෙරටට ගෙන්වීමට තහනම් කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුනා.

ඔවුන් ළඟ තිබී රසායනික ද්‍රව්‍ය පැකට් 500 බැගින් අඩංගු පෙට්ටි 10ක් සොය ගැණුනා.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 5කට ආසන්න බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඔවුන් 39 /45 සහ 55 වයස්කාණ්ඩවල පසුවන මාලිගාවත්ත සහ දෙමටගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

WhatsApp Group

Skip to content