මෙරටට ගෙන්වීම තහනම් කර ඇති කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක්, ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවුලපිටිය පොලිසියේ නිලධාරීන් විසිනුයි මෙම වැටිලිම සිදුකර ඇත්තේ.

කෘෂි රසායනික ද්‍රව්‍ය , පැකට් 500 බැගින් අඩංගු පෙට්ටි 10ක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් 475,000කට ආසන්න බවද පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අවුරුදු 39, 45 සහ 55 වයස්වල පසුවන කොළඹ ආශ්‍රිත පදිංචිකරුවන්.

WhatsApp Group

Skip to content