කැනියුලාවකින් සිදු වූ විස බීජ ආසාදනයක් හේතුවෙන් උණ රෝගීයෙකු මිය යාමේ පුවතක් පානදුර මූලික රෝහලෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාර සහකාරවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු බවටයි හදුනාගෙන ඇත්තේ.

මෙම පුද්ගලයා සති 2 කට පමණ පෙර උණ රෝගය වැළදී ගාල්ල ප්‍රදේශයේ රජයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර එහිදි සවි කළ කැනියුලාව ආසාදනය වීමෙන් විස බීජ ශරීරගත වී ඇති බව සදහන්.

ඉන් අනතුරුව පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු හෘද රෝගියෙකු වීම හේතුවෙන් වෙනත් රෝහලකට මාරු කර යැවීමට නොහැකි වී ඇති බවටයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

මෙලෙස මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව සදහන්.

 

WhatsApp Group

Skip to content