එළැඹෙන මහ කන්නයේ දී තවත් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ගොවීන්ට ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා සිදු කල බවයි.

ඒ සදහා ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කලේ.

මේ අතර, ලබන මහ කන්නයේ දී සියලු ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා වවුචර්පත් වෙනුවට ගොවි ගිණුම්වලට මුදල් නිකුත් කිරීමට ද රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගොවි ජනතාවට සිය කැමැත්ත පරීදි පෞද්ගලික අංශයෙන් හෝ රජයේ පොහොර සංස්ථාව මඟින් රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමට හැකි වනු ඇති.

WhatsApp Group

Skip to content