විදෙස් රටවල් 7 ක පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගාස්තු අයකිරීමකින් තොරව වීසා නිකුත් කිරීමට අදාළ කොන්දේසි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් මස 24 වැනිදා අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයට සමගාමීව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.

ඒ අනුව ලබන වසරේ මාර්තු 31 වැනිදා දක්වා චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මලයාසියානු සහ ජපන් ජාතිකයන් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව මෙම වීසා ක්‍රමය ක්‍රියාත්මක වනවා.

WhatsApp Group

Skip to content