අමෙරිකා එක්සත් ජනපදයට අයත් තවත් ගුවන් යානා ප්‍රවාහක නෞකාවක් සහ ප්‍රහාරක කණ්ඩායමක් නැගෙනහිර මධ්‍යධරණී මුහුදු කලාපයට පැමිණ තිබෙනවා.

ඒ දැනටමත් මධ්‍යධරණී මුහුදේ ස්ථානගත කර ඇති අමෙරිකානු යුද නෞකාවක් වන USS ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ් නෞකාව සමග එක්වී ඊශ්‍රායලයට සහය දැක්වීම සඳහා බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.

අමෙරිකානු හමුදාව පවසන්නේ හමාස් සහ ඊශ්‍රායලය අතර ගැටුමට අනෙකුත් කණ්ඩායම් සම්බන්ධවීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස එක්සත් ජනපදය මෙලෙස සිය දෙවන ගුවන් යානා ප්‍රහාරක කණ්ඩායම නැගෙනහිර මධ්‍යධරණී මුහුදු කලාපයට යොමු කළ බවයි.

ඊශ්‍රායලයට එරෙහි සතුරු ක්‍රියාවන් වැළැක්වීමට මෙන්ම හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ හමාස් ප්‍රහාරයෙන් පසු යුද්ධය පුළුල් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක කොටසක් ලෙස මෙම පියවර ගත් බවයි අමෙිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ස්කයි පුවත් සේවයට පවසා ඇත්තේ.

දෙවන වරට යොමු කරන නෞකාවේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ගුවන් යානා වාහකයක්, නැවත පිරවීමේ නෞකාවක්,  කාර්ය මණ්ඩල සාමාජිකයන් 7500ක්, ප්‍රහාරක නෞකා සහ සබ්මැරීන් මෙම යුද ප්‍රවාහක නෞකා බලගණයට අයත් වනවා.

ගුවනින්, මුහුදෙන් සහ ගොඩබිමින් ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සුදානම් බව දින කිහිපයකට කලින් ප්‍රකාශ කළා.

එලෙස පැවසීමෙන් පසුව ඊශ්‍රායලයට සහය දැක්වීම සඳහා මෙලෙස අමෙරිකානු යුද නෞකාවන් මධ්‍යධරණී මුහුදේ ස්ථාන ගත වූවා.

ගොඩබිම් ප්‍රහාරයට පෙර උතුරු ගාසා තීරයෙන් ඉවත් වන ලෙසට ඊශ්‍රායලයට මහජනතාවට අනතුරු ඇඟවීමක්ද කළා.

ගාසා තීරයේ අදාළ ප්‍රදේශයේ මිලියන 1.1ක පදිංචිකරුවන් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත් ඊශ්‍රායලය ගාසා තීරයට නිර්දය ලෙසින් බෝම්බ ප්‍රහාරයන් එල්ල කර ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.

WhatsApp Group

Skip to content