හේවාහැට රහතුන්ගොඩ ප්‍රදේශයේ මවක් සහ දරුවෙකු අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ හේවාහැට රහතුන්ගොඩ රිවඩෙල් කොටසේ පදිංචි විසි එක් හැවිරිදි මවක් සහ ඇයගේ අවුරුදු එක හමාරක් වයසැති දියණිය බවයි වාර්තා වන්නේ.

තම බිරිඳ සහ දරුවා අතුරුදන්ව ඇති බවට සැමියා විසින් පැමිණිල්ලක් සිදු කර ඇති අතර හඟුරන්කෙත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content