තවත් බදු කිහිපයක් ළඟදීම හඳුන්වාදීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව ධන බද්ද, ඉඩම් බද්ද හා බූදල් බද්ද ප්‍රථමයෙන් හඳුන්වා දීමට යෝජිත බදු බව සඳහන්.

රජයේ ආදායම් වර්ධනය කර ගැනීම සඳහා මෙසේ බදු වර්ග කිහිපයක් හදුන්වා දී තිබෙන බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

එමෙන්ම වැට් බදු නිදහස ලබා දී තිබූ ඇතැම් භාණ්ඩ හා සේවා සඳහා ද නවාත වරක් වැට් බද්ද පනවනු ඇතැයි වාර්තවනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට ලබාදුන් උපදෙස් මත වියදම් අඩුකොට ආදායම් අතිරික්තයක් ඇති කර ගැනීම සඳහා මෙසේ බදු පනවන බවයි වාර්තා වී ඇත්තේ.

WhatsApp Group

Skip to content