ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා සමෘද්ධි බැංකු හා සංගම් කාර්යාල නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා.

එම සංගමයේ මහලේකම් බී.එම්. බස්නායක මහතා කියා සිටියේ අදාළ ආයතනයේ සංයුතිය සම්බන්ධයෙන් සහ ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවීම පදනම් කර ගනිමින් බොහෝ අවස්ථාවල වගතිව යුතු ස්ථාන සදහා ලිපි මාර්ගයෙන් ප්‍රශ්නය යොමු කළ ද මේ වන තෙක් නිසි විසදුමක් ලැබී නොමැති බවයි.

ඒ අනුව හෙට දිනයේදීත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවටයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/04/B.-M-BASNAYAKA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content