කල්පිටියෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අතුරුදන්ව තිබෙනවා.
එම යාත්‍රාවේ හිමිකරු විසින් ඒ පිලිබඳ පොලිසියට පැමිණිලි කර ඇති බව සඳහන්.

අදාළ යාත්‍රාවේ ධීවරයින් තිදෙනෙක් ගමන් කර ඇති අතර ඔවුන් ඊච්චන්කාඩුව ප්‍රදේශයේ පදිංචි 21, 37 සහ 38 යන වයස්වල පසුවන බවයි යාත්‍රාවේ හිමිකරු පොලිසියට දැනුම් දී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් නාවික හමුදාව දැනුවත් කර සෝදිසි කටයුතු ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කලේ.

WhatsApp Group

Skip to content