දුම්රියෙන් ප්‍රවාහනය කෙරෙන භාණ්ඩ සදහා අයකරනු ලබන ගාස්තුව පෙබරවාරි මස පළමුවනවදා සිට ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අංක 2367/12 යන විශේෂ ගැසට් පත්‍රය මගින් පාර්සල් සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ද ඒවාට අදාළ අනිකුත් රෙගුලාසි සදහා වන ගාස්තු ද සංශෝධනය කර ඇති බව සදහන්.

එම ගැසට් නිවේදනයට අනුව පාර්සල් ප්‍රවාහනය කරන විටද ප්‍රවාහන ගාස්තුවට අමතරව පාර්සලේ වටිනාකම මතද තවත් ගාස්තුවක් අය කිරීමට කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content