2023 වර්ෂයට අදාළව වෛද්‍ය සැපයුම් අංශය සිදුකළ එන්නත් මිලදී ගැනීමකදී රජයට රුපියල් මිලියන 97ක පාඩුවක් සිදුව ඇති බවට නීතිපතිවරයා ඊයේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කලා.

ඒ අනුව, මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අල්ලස් කොමිසමට නියෝග කළේ, පැමිණිල්ලට අදාළව ඉදිරි පියවර ගන්නා ලෙසයි.

ප්‍රශ්නගත හියුමන් එන්නත් මිලදී ගැනීමේදී වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාව සිටි කපිල වික්‍රමනායක මහතාගේ පාලන සමයේ සිදුවූ තවත් වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කලා

එම කොට්ඨාසය වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මීණී ගිරිහාගම මෙනෙවිය සඳහන් කළේ, ”ලැක්ටියුලෝස්” නම් ඖෂධය මිලදී ගැනීමේදී මෙම වංචාව සිදුව ඇති බවයි.

කරුණු සලකා බැලූ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය මෙම පැමිණිල්ලට අදාළව ඉදිරි පියවර ගන්නා ලෙස අල්ලස් කොමිසමට නියෝග කල අතර ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර එන්නත් සම්බන්ධයෙන් වූ නඩුව අද යළි මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර ඖෂධය සැපයූ සැපයුම්කරු වෙනුවෙන් නීතීඥවරුන් ඉදිරිපත් කළ ඇප අයැදුමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය සිය විරෝධය පළ කළාය.

කරුණු සලකා බැලූ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඔක්තෝබර් 22 දක්වා සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කලේ.

WhatsApp Group

Skip to content