විශේෂ පොලිස් කණ්ඩායම් 20 ක් යොදවා සිදුකරනු ලබන මෙහෙයුම්වලදී තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ඔවුන් සමග විවිධ සම්බන්ධතා පවත්වමින් අපරාධවලට සහය වූ බවට සැකකෙරෙන පුද්ගලයින් 7 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.

බස්නාහිර පළාත් උතුරු කොට්ඨාශයේ නිලධාරින් විසින් ගනේමුල්ල ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රද්දො`ඵගම, වැල්ලම්පිටිය, මීගමුව මෙන්ම ගම්පහ සහ ක`ඵතර ඇතු`ඵව දිස්ත්‍රික්ක කිහිපයක සිදුකරන ලද වැටලීම්වලදී අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පසුගිය 19 වන දා සිට ඊයේ දිනය දක්වා අපරාධ කල්ලි සාමාජිකයින් 252 කු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content