සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සදහා දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම යටතේ තවත් අපරාධ කල්ලි සාමාජිකයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 19 වන දා ආරම්භ කළ මෙම මෙහෙයුම යටතේ මේ දක්වා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 70 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.

මේ අනුව එම සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

WhatsApp Group

Skip to content