තලාව පොලිස් ස්ථානාධිපතිවරයාට මන්නා පිහියකින් පහරදී තුවාල සිදු කර පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කළ තලාව සුමුදුගම ගම්මානයේ පස් දෙනා එළැඹෙන 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තඹුත්ත‌ේගම මහේස්ත්‍රාත්තුමන් නියෝග කළේය.

තලාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සිද්ධියේ  ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ අතර,  පොලිස් අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව මැද තලාව ප්‍රාදේශීය රෝහ‌ලේ ප්‍රථිකාර ලබන ප්‍රධාන සැකකරුගේ බිරිඳ, පුතු ඇතුළු ඥාතීන්ගේ තත්වය විමසා බැලීමට තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා රෝහල වෙත පැමිණ  ඔවුන්ගේ කරුණු දැක්වීම්ද සැලකිල්ලට ගෙන ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබීය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනාම එළැඹෙන 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.තලාව සුමුදුගම පදිංචි  සිද්ධියේ ප්‍රධාන සැකකරු වනහේවා හාමිගේ බාලසූරිය නොහොත් සුමිත් , සුමනපාලගේ රසික හේමන්ත සඳරුවන්, උපසේනගේ විජිත ලක්මාල් කරුණාරත්න, හිටිහාමිලාගේ අචලා ප්‍රියදර්ශණී දිසානායක, හේරත් බණ්ඩාගේ චන්දිමා තිලක්සි හේරත් යන සැකකරුවන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

WhatsApp Group

Skip to content