ගම්පහ, නැදගමුව ප්‍රදේශයේදී තල්මසුන්ගේ කොටසක් ලෙස සැලකෙන ඇම්බර් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 164 බරැති ඇම්බර් කොටසක්, ග්‍රෑම් 812ක් බරැති ඇම්බර් කොටසක් සහ ග්‍රෑම් 670ක් බරැති ඇම්බර් කොටසක් සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28,29 සහ 48 යන වයස් වල පසුවන කටුගොඩ හා කලගෙඩිහේන යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වනවා.
ඔවුන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content