තලවාකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ තිබී ඊයේ හමු වූ කාන්තා මළසිරුර සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පුඵල් විමර්ශන ක්‍රියාත්මකයි.

එම කඳුමුදුනේ කඳවුරු බැදීමට ගිය පිරිසක් විසින් මෙම කාන්තා මළසිරුර දැක තිබෙනවා.

අනතුරුව ඔවුන් ඒ පිළිබද තලවකැලේ පොලිසිය දැනුවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

කිසියම් පිරිසක් සමග එම කාන්තාව කඳුවැටිය තරණය කර ඇති බවත්, එහිදි ඇය මිය යාමෙන් පසු සිරුර කඳුමුදුනේම තබා පැමිණි පිරිස පළා යන්නට ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ ග්‍රේට් වෙස්ටර්න් ප්‍රදේශයේ කඳවුරු බැදීමට පැමිණෙන පිරිස් සදහා රක්ෂිතය තුළට ඇතුඵ වීමට නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට තීරණය කර ඇති බවයි.

WhatsApp Group

Skip to content